සිංහලේන් ලිවිමට.

සිංහලේන් ලිවිමට.
බැනර් එක කිලික් කරන්න.

Wednesday, November 22, 2017

සල්ලි අතට ගන්න ඩෙබිට් කාර්ඩ් එකක් හදමු


   තමන්ටම කියලා ඩෙබිට් කාර්ඩ් එකක් හදාගමු


හරි.  දැන් මේක අහගන්න. ඔයාට පොඩ්ඩක් කම්මැලිකම පැත්තකට දාල ටවුන් එකට යන්න වෙනවා.  යන්න HNB බැන්කුවට.  මොකද HNB ඩෙබිට් කාර්ඩ් එක තමයි මේ වැඩේ කරන්න ලේසිම. අනික ඩෙබිට් කාර්ඩ් එක හදාගත්තම ඔයාට පුලුවන්


*  රී ලෝඩ් දාගන්න.

*  ගෙදර ඉදන් කාර්ඩ් එකේ බැලන්ස් එක බලන්න.

*  ගෙදර ඉදන් ගෙවීම් කරන්න. 

කෑමකට එලියට ගියාම ඔයාගේ visa debit කාර්ඩ් එකෙන්ම ගෙවන්න පුලුවන්, දැන් ගොඩක් තැන් වල visa කාර්ඩ් බාරගන්නවා



 
මේ වගේ  අමතර වාසි ගොඩකුත් තියෙනවා. 
ඉතින් ඔයා HNB බැන්කුවට ගිහින් ඒකෙ ඉන්න සිකුරිටි ට කියන්න මට අලුත් එකවුන්ට් එකක් ඕපන් කරන්න ඕන කියලා.  එතකොට එයා ෆෝර්ම් එකක් දෙයි. ඒක පුරවන්න.  දන්නේ නැත්නම් සිකුරිටි ගෙන් උදව් ගන්නත් පුලුවන්.  ඒක පුරවලා එතන ක්වුන්ටරේක ඉන්න  කෙනෙක්ට දෙන්න.

රුපියල් 2000ක් යනවා HNB එකේ එකවුන්ට් එකක් ඕපන් කරන්න. (ඔයා කාර්ඩ් එක හදාගත්තම ඒ 2000න් 1500ක් විතර ATM එකෙන් එලියට ගන්න පුලුවන්.)  ඒ නිසා 2000කුත් එක්කම දෙන්න.  ඊට පස්සෙ ඔයා ඒ නෝනට හරි මහත්තයට හරි කියන්න මට "නෙට් එකෙන් සල්ලි ගෙන්නගන්න/ගෙවන්න පුලුවන් විදිහට ඩෙබිට් කාර්ඩ් එක හදලා දෙන්න කියලා"  එතකොට තව ෆෝර්ම් එකක් දෙයි පුරවන්න.

ඔය ටික ඉවර කරන්න විනාඩි 15ක් යයි.  ඊට පස්සේ එයා අහයි මොබයිල් බෑන්කින් ඇක්ටිව් කරන්නද කියලා.  ඔයා ඒකට එකෙන්ම හා කියන්න.  නැත්නම්,  ඔයාගේ සමහර ගනුදෙනු කාර්ඩ් එකෙන් කරනකොට බැන්කුවට කෝල් කරලා ඒ ගනුදෙනුවට අදාල පාස්වර්ඩ් එක අහගන්න ඕන නෑ,  කෙලින්ම ඔයා දාන පෝන් නම්බරේටම පාස්වර්ඩ් එක එනවා. මතක ඇතුව ඔයාගෙ නම්බරයක් දාන්න.

No comments:

Post a Comment